test
ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කෙරෙහි අකමැත්ත උපදවා ගන්න කෙනාට, කාමයන් දුරු කර ගන්න පහසුයි. ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ නිසා මේ අමාරු දේ කරන්න කල්පනා කරන්න. ඒ සඳහා ප්‍රමාණවත් තරම් ධර්මය තියෙනවා. පොත පතේ පෙන්වා දී තිබෙන ධර්මය ඉගෙන ගන්න.
සිතට පීඩාවක් ආපු වෙලාවට ඒක දුරු කර ගන්න මා උපක්‍රමයක් කියලා දෙන්නම්. ඒ වගේ වෙලාවට අපිට වාඩිවෙලා භාවනා කරන්න බැරි වෙයි. මුලින් සක්මන් කරන්න. කෙනෙකුට අපහසුවක් එනකොට පොඩ්ඩක් ඇවිදිනකොට අපහසුව අඩුවෙලා යනවා. ඒ නිසා ටිකක් සක්මන් කරන්න. ‘මේ සිත අනිත්‍යයයි සිතිවිලිත් අනිත්‍යයි’ කියලා මෙනෙහි කරමින් සක්මන් කරන්න. බලවත් පීඩා පවතිනකොට දැඩි කැප කිරීමක් කරන්න වෙනවා. ටික වෙලාවක් එහෙම කරනකොට තමන්ටම තේරෙයි ටික ටික ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙනවා. ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙලා අර අපහසුකම් ටික ටික අඩුවෙනවා. තමන්ටම තේරෙයි. අපිට පුළුවන් ‘සිතත් අනිත්‍ය යි’ ‘සිතිවිලි අනිත්‍ය යි’ ‘සිතේ විඥානයත් අනිත්‍යයි’ කියලා මෙනෙහි කරන්න.
තව දුරටත් ඒ විදිහටම කරගෙන යනකොට තවත් පහසු ඇති වෙයි. එවිට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, සිතේ ස්පර්ශයත් අනිත්‍ය යි කියලා. තව දුරටත් ඒ විදිහට කරගෙන යන්න. එතකොට තවත් සුවපහසුව ඇති වෙනවා තේරෙයි. පීඩා අඩුවෙනවා තේරෙයි. එතකොට මෙනෙහි කරන්න සිතත් අනිත්‍යයි, සිතිවිලිත් අනිත්‍යයි, සිතේ විඥානයත් අනිත්‍ය යි, සිතේ ස්පර්ශයත්,අනිත්‍ය යි ඒ ස්පර්ශයෙන් ඇතිවන විඳීමත් අනිත්‍යයි කියලා. තවදුරටත් සක්මන් කරමින්ම කරන්න. එතකොට තවත් අපහසුව අඩුවෙනවා තේරෙයි.
Currently have 0 comments: